මරණය පරදා අධිෂ්ඨානයෙන් ලොව එලිය කල විද්‍යාඥයා ස්ටීවන් හෝකින්

“ඔයා  තව ජීවත් වන්නේ ටික දවසයි”   වෛද්‍යවරයෙක්  ඔබට පැවසුවහොත්  ඔබ කරන්නේ කුමක්ද? නමුත් මේ ප්‍රශ්ණයට අප කවුරු දන්නා විද්‍යාඥයෙක්  අවුරුදු 21 දී   මුහුණ දුන්නා. ඉතින් ඔහු හිතා ගත්තා තමන් මැරෙන්න කලින් ලෝකයට සේවය කරන්න ඕනේ කියලා .එහෙම හිතා ගෙන ලෝකය සුපිරි සොයාගැනීම් කල  විද්‍යාඥයා  පසු ගිය මාර්තු 14  වෙනිදා උදෑසන අප අතරින් වියෝ වුණා. ඒ තමයි ලෝක පූජිත භෞතික විද්‍යාඥයෙකු, විශ්ව න්‍යායවේදියෙකු සහ විද්‍යා සන්නිවේදකයෙකු වූ ස්ටීවන් හෝකින්.  නමුත් . ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 76ක් වුණා.

 

ස්ටීවන් හෝකින් උපත ලැබුවේ හරියටම ඒ ගැලිලියෝ ගැලිලී මිය ගොස් වසර 300කට පසුව 1942 ජනවාරි 8 වැනිදා ඔක්ස්ෆර්ඩ් හිදීයී.

ස්ටීවන්  හෝකින් කුඩා කාලයේ  සිටම වරින් වර දෙපා පණ නැති වීම් සහ හිටිවනම ඇද වැටීම් වලට මුහුණ දී තිබුණා.  ඔහුට වයස අවුරුදු 21දී ඔහුව පරීක්ෂා කර බැලූ වෛද්‍යවරුන්  ඔහුට භයානක දෙයක් පැවසුවා. ඔවුන් පැවසූයේ ඔහුට ALS (Amyotrophic Lateral Sclerosis) නම් රෝගී තත්වය උරුම වී ඇති බවයි. මේ රෝගය ඉතා භයානක වන අතර  සිරුරේ පේශී වලට සංවේදන සපයන චාලක ස්නායු වලට බලපාන තත්වයක්.  වෛද්‍යවරුන්ගේ නිගමනය වුණේ හෝකින් උපරිම වශයෙන් තව වසර 3ක් පමණ ජීවත් වනු ඇති බවයි. මේ ආරංචිය නිසා හෝකින් තදබල ආතතියකට ලක් වුණා.  එදා තමයි ස්ටීවන් හොකින් හිතාගත්තේ මැරෙන්න කලින් ලෝකයට  වැඩක් කරනවා කියලා.

 

කියන තරම් යකා කලු නෑ කියලා අපි අතරේ කතාවක්  තියෙනවා. කිව්වාට වඩා කාලයක් ඔහු ජීවත්වුනා.  කෙසේ නමුත්, මේ රෝගී තත්වය නිසා ඇතැම් පේශී කිහිපයක් ඇරෙන්නට හෝකින්ගේ සිරුරේ අනෙක් සියළුම පේශීන් අඩපණ වී ගියා. ඒ නිසා ඔහුට රෝද පුටුවකට සීමා වෙන්නට වුණා.  ඒ නිසා ස්ටීවන් හෝකින්  කා අතරත් ප්‍රචලිත වුණේ “රෝද පුටුවේ සිටින විද්‍යාඥයා” ලෙසයි.  ඒත් පස්සෙ  ඔහුගේ ස්වරාලයේ පේශී වලින් යම් ප්‍රමාණයක් අඩපණ වීම නිසා ඔහුට කතා කිරීමට අපහසුවක් ඇති වූ අතර  ඔහුට හඬ පිටකිරීම සඳහා ඉලෙක්ට්‍රොනික උපකරණයක් පැළඳීමට සිදු වුණා.

 

මේ අතර ස්ටීවන් හෝකින්  ලියූ Brief history of time ග්‍රන්ථය ලෝකයේ වැඩිපුරම විකිණුනු විද්‍යා ග්‍රන්ථය ලෙස වාර්තා තැබුවා. Theory of Everything සහ Universe in a nutshell ඔහුගේ අනෙක් පොත් වේ. කලු කුහර සහ කාල තරණය සම්බන්ධව හෝකින් භෞතික විද්‍යා ලෝකයට අදහස් පල කලා.

 

ඉලෙක්ට්‍රොනික උපකරණයක් පැළඳීමට සිදු වුණා. උගුරේ හානි නොවූ පේශීන් වල චලනයන්ට අනුව ඔහු කතා කරන වචන ඒ උපකරණය හරහා යාන්ත්‍රික හඬකින් පිට කළා. ඔහුගේ වැදගත්ම සොයා ගැනීම වුණේ  කළු කුහර වලින්, පදාර්ථ දහරාවක් පිටතට විමෝචනය කරන බව සොයා ගැනීමයි. මෙය හඳුන්වන්නේ ‘හෝකින් විකිරණය’ (Hawking radiation) නමින්. ඔහුගේ ජීවිතයේ වැඩි කාලයක් ගත වුණේ සාපේක්ෂතාවාදය සහ ක්වොන්ටම් විද්‍යාව එකතු කිරීමට ලොකු වෙහෙසක් ගත්තා.(මොකද සාපේක්ෂතාවාදය සහ ක්වොන්ටම් විද්‍යාව අතර සමහර කරුණු පරස්පර නිසා.)

 

හරියටම අයින්ස්ටයින්ගේ උපන් දිනයෙන් වසර 139 ට පසු,  පසුගිය  මාර්තු 14 වැනිදා, හරියටම අයින්ස්ටයින්ගේ උපන් දිනයෙන් වසර 139 ට පසු  ස්ටීවන් හොකින් මහතා  අප අතරින් සමු ගත්තා.

 

Check Also

Grade 5 Scholarship Exams Results Released – 2020 | Doenets .lk Released Marks Grade 5

Released Grade 5 Scholarship Results 2020 | 5 wasara shishyathwa wibhaga prathipala nikuth kara atha …