General Knowledge Test – 01

0
photo 1509868918748 a554ad25f858 e1552556269564

පහත ප්‍රශ්න සදහා පිළිතුරු ප්‍රශ්න අංක සමග පිලිවෙලින්  දක්වන්න 

1.  ශ්‍රිලංකාවේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රී වරු ගණන කියද  ?

2. ශ්‍රිලංකාවේ සිටි තුන් සිංහලය එක්සේසත් කල රජවරු දෙදෙනෙක් නම් කරන්න 

3. ශ්‍රී ලංකාවේ වර්ගඵලය කියද 

4. ශ්‍රිලංකාවේ අභ්‍යන්තර තැනිතලාවේ පිහිටා තිබෙන කදු 2ක් ලියන්න 

5. ත්වරණය යන වචනය හදුන්වන්න 

6. A9 මාර්ගය අවසන් වන සහ ආරම්භ වන ස්ථාන දෙක ලියන්න 

7. වී ගස හදුන්වන විද්‍යාත්මක නාමය කුමක්ද 

8. දෙවන සහ හතර  වන ත්‍රිකෝණ සංඛ්‍යා දෙකේ වෙනස සොයන්න 

9.  හතර වන හතරැස් සංඛ්‍යාවේ වර්ගය සොයන්න 

10. ජලයේ අඩංගු මුල ද්‍රව්‍ය  මොනවද 

11. ශුද්ධ සිංහල හෝඩියේ තිබෙන ස්වර අක්ෂර ගණන කියද 

12.  අනිල මානය ප්‍රයෝජනයට ගන්නේ කුමක් සදහාද 

13. අවතල දර්පණ භාවිතාවන අවස්ථාවක් නම් කරන්න 

14. ඔයිලර් සම්බන්දය හදුන්වන්න 

15. කෘමි සතෙකුගේ ජිවන චක්‍රයේ ප්‍රධාන අවස්තා 4  නම් කරන්න 

16.  බොරලුගොඩ සිංහයා යන අන්වර්ථ නාමයෙන් හැදින්වුයේ කවුද 

17. අම්මා නම් ලෝ ප්‍රකට  කෘතිය රචනා කලේ කවුද 

18. උත්තම පුරුෂ නාම පද 2ක් ලියන්න 

19. ෆේස්බුක් සමාජ ජාලයේ නිර්මාතෘ  නම් කරන්න 

20. ශ්‍රිලංකාවේ තිබෙන පාසල් ගණන කියද

About Author

Leave a Reply