2017 වර්ෂයේ ව්‍යාපාරික ලොව තුළ බලය තහවුරු කරගත් කාන්තාවෝ

2017 වර්ෂයේ ව්‍යාපාරික ලොව තුළ බලය තහවුරු කරගත් කාන්තාවෝ

 

වර්තමානයේදී පුරුෂයන් මෙන්ම කාන්තාවන්ද ව්‍යාපාරික ලෝකයට පිවිස තිබෙන බව හැමෝම දන්නා කාරණයක්.අද අපි මේ ලිපිය තුලින් කතා කරන්නේ ව්‍යාපාරික ලෝකයේ ඉහළ තනතුරු වල රැදෙමින් 2017 වර්ෂයේ තුළ තම බලය තහවුරු කර ගන්නට සමත් වූ කාන්තා චරිත කීපයක් ගැනයි.

 

1.මේරි බර්රා (Meri Barra)

ඇමරිකානු ජෙනරල් මෝටර්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනිය වන මේරි 2014 වර්ෂයේ සිට එම තනතුර දරන්නේ ලොව ප්‍රධාන මෝටර් රථ සමාගමක එම ධුරයට පත් ප්‍රථම කාන්තාව ලෙසයි.ඇය18 වැනි වියේදී එනම් 1980 දී මෙම සමාගමේ සේවිකාවක් ලෙස එකතු වී ඇති අතර පසුව ඇය විදුලි ඉංජිනේරු තාක්ෂණය පිළිබද උපාධියක් හා ව්‍යාපාර පරිපාලනය පිළිබද පශ්චාත් උපාධියක් ලබා ගෙන ඇත.2015 වර්ෂයේ ‘ෆොබිස්’ ලැයිස්තුවට අනුව ඇය ව්‍යාපාරික ලෝකයේ බලවත්ම කාන්තාවන් අතර පළමු ස්ථානයේ පසු වූ අතර 2017 වර්ෂයේද  එම ස්ථානයට පත්ව තිබෙනවා.

 

2.ඉන්ද්‍රා නූයි (Indra Nooyi)

‘පෙප්සි කෝලා’ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස ඉන්ද්‍රා කටයුතු කරයි.චෙන්නායිහී දී උපත ලැබූ ඇය ලොව දෙවැනි විශාලතම ආහාර හා පාන නිෂ්පාදන ආයතනය වන පෙප්සි සමග එකතු වී ඇත්තේ 1994 දීය.2001 වර්ෂයේ සිට ඇය මෙම තනතුර දරන අතර ඈගේ පාලනය තුල  පෙප්සි සමාගම වාර්ෂිකව ලැබූ ලාභය ඇමරිකානු ඩොලර් බිලියන 2.7 සිට ඇමරිකානු ඩොලර් බිලියන 6.5 දක්වා ඉහළ දැමීමට ඇය සමත් වුනා.ඉන්ද්‍රා නුයි ලොව බලවත්ම කාන්තාවන් ලැයිස්තුවේ දෙවන ස්ථානයට පැමිණ තිබෙනවා.

 

3.ඉසබෙල් කෝචර් (Isabelle Kocher)

ප්‍රංශ ජාතික ව්‍යාපාරික කාන්තාවක් හා දරුවන් පස් දෙනෙකුගේ මවක් වන ඉසබෙල් විදුලි උත්පාදන සමාගමක් වන Engie හි ප්‍රධාන විධායක නිලධාරිනියයි.2016 වර්ෂයේ සිට ඇය මෙහි ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කරන අතර 2017 වර්ෂයේ ‘ෆොබිස්’ ලැයිස්තුවට අනුව ලොව බලවත්ම කාන්තාවන් අතර තුන් වන තැනට පත්ව ඇත.

 

4.පීබේ නොවැකොවික් (Phebe Novakovic)

ඇමරිකානු ව්‍යාපාරික කාන්තාවක් වන පීබේ හිටපු බුද්ධි අංශ නිලධාරිනියක්.ඇය ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 1997 වර්ෂයේ සිට 2001 දක්වා සේවයේ නිරත වී තිබේ.ගුවන් යානා හා ආරක්ෂණ කටයුතු පිළිබද සමාගමක් වන Genaral Dynamics හි ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස ඇය වර්තමානයේදී කටයුතු කරයි.2014 වර්ෂයේ සිට ඇය ලොව බලවත්ම කාන්තාවන් අතර රැදී සිටියි.

 

5.ගයුයෙන් තයි පොන්ග් තාඕ (Nguyen Thi Phuong Thao)

             වියට්නාම ජාතික කාන්තාවක් වන මැය ‘viet jet’ ගුවන් සමාගමේ සභාපතිනිය මෙන්ම ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කරයි.මැය වියට්නාමයේ ප්‍රථම බිලියනපතිනිය ලෙසද ඉතිහාසගතව සිටි.ඇයගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 1.2 ක් ලෙස 2017 මාර්තු මාසයේ වාර්තා විය.ආසියාවේ මෙන්ම ලෝකයේ බලගතුම කාන්තාවන් අතර ඇය ඉදිරියෙන් ම සිටි.

 

ලෝකයේ බලවත්ම ව්‍යාපාරික කාන්තාවන් ගැන ඔබේ අදහස් අපිත් එක්ක බෙදා ගන්න ගමන් යාලුවන්ටත් බලන්න පොස්ට් එක ශෙයා කරන්න අමතක කරන්න එපා.

%d bloggers like this:
Inline
Inline